For Ganga,

(Below is the letter I sent to the chief priest of Gangarama Temple requesting better care for Ganga the baby elephant.)

 ***

පින්වත් පොඩි හාමුදුරුවනේ,

ගංගා ඇත් පැටවියගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන ලොව පුරා පරිසරවේදීන් දහසක් දෙනාගේ ලිපි ඔබවහන්සේට පසුගිය කාලයේ ලැබෙන්නට ඇති. සමහරක්විට ඔබවහන්සේ ඒවා කියවන්නටද ඇති. ඒනිසා මම මේ ලිපිය ලියන්නේ සත්ව අයිතීන් ගැන ඔබවහන්සේට කියාදෙන්නට නොවෙයි, හුදෙක් පරිසරවේදියෙක් ලෙසත් නොවෙයි. මා මේ ලිපිය ලියන්නේ අව්‍යාජ බෞද්ධයෙක් ලෙසයි​.

අලි ඇතුන් යනු අප බෞද්ධ දර්ශනයේ ඉතා උසස් මට්ටමකින් ගරුබුහුමන් ලැබිය යුතු සත්ව කොට්ඨාශයකි. බුදුරදුන් ඉපදෙන්නට පෙර මහමායා දේවිය දුටු සිහිනයේ පටන් නාලාගිරි දමනය තෙක්ම අපි බුදු දහමේ අලි ඇතුන් ගැන කියවා ඇත්තෙමු. බුදුන්වහන්සේ සියලු සත්වයින්ට එකසේ මෛත්‍රී කල සේක​. ගංගාරමයට එන අවංක බෞද්ධයින්ට එක හිතින් මෛත්‍රී කරන්න්ටවත්, ඇස් ඉදිරිපිටම පළමු සිල් පදය කැඩෙනු දැක දැක පන්සිල් ගන්නටත් නොහැකිය​.

හාමුදුරුවනේ, මගේ ඉල්ලීම​, හැකිනම් පෙරහැර සමය හැර අවුරුද්දේ ඉතිරි කාලය පමණක්හෝ ගංගාට ඇගේ ස්වාභාවික වාසස්ථානයේ ජීවත්වෙන්නට ඉඩ දෙන්න​. ගංගාගේ මව ඇයව මාස 22ක් කුසේ දරගෙන සිටි බව ඔබවහන්සේ දැන සිටියාද​? විද්‍යාවෙන් තහවුරුවී තිබෙන්වා, දස මසක් අප කුස දරාගෙන සිටි අපේ මවුවරුන්ට තෙගුණයක් වැඩි දරු සෙනෙහසක් හා බැඳීමක් ඇත් මවුවරුන් හා පැටවුන් අතර තිබෙන බව​. එවැනි බැඳීමක් බිඳදා, ඔවුන් ජිවිත කාලයක් ඈත්කර තැබීම මොනතරම් පවක්ද​? අපි මෙත් වඩන විට සියලු සත්වයෝ නිඳුක් වෙත්වායි කිව යුත්තේ ගංගා විඳින දුක අමතක කොටද​?

මේ අහිංසක සත්වයාගේ ජීවිතයට සහනයක් සාධාරණයක් ඉටු කිරීමට ඔබවහන්සේට බලය ඇත​. ඒ බලය පාවිච්චි කිරීමෙන් ඔබවහන්සේට, ගංගාට මෙන්ම​, අප රට පුරා දම්වැල්, බිත්ති,වැට වලට කොටුවූ සිය ගණන් අලිඇතුගේ නිදහස වෙනුවෙන් හඩක් නගීමටත්, ආදර්ශයක් වීමටත් හැකිවේවි.

යෙ කෙචි පාණ භූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා 

දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සඛාණුකථූලා

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා යෙච දූරෙ වසන්ති අවිදූරෙ

භූතා වා සම්භවෙසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

 

ඔබවහන්සේට තුනුරුවන් සරණයි,

තිසුරි වන්නිආරච්චි.

***

 

(ගාථාවේ තේරුම​: කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද? සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා. –කරණීය මෙත්ත සූත්‍රය​.)

***

If you are interested, please write your own letters and post them on 2 Million Letters for Ganga a movement dedicated to free Ganga

Translation

Most Venerable Thera,

I’m sure you have received  many thousands of letters, in the past few months, from environmentalists across the world describing their concern for the need for better care for Ganga. You may have even read some of them. So I’m not writing to explain to you the indescribable violation of animal rights taking place at our temple. I’m not writing as a mere environmentalist or animal rights activists. I’m writing as a fellow believer of Buddhism.

Elephants are a highly respectedspeicies in Buddhist philosophy. From Queen Mahamaya’s dream to the taming of Nalagiri  we have read ample buddhist literature on the Lord Buddha’s relationship with elephants. Lord buddha was compasionate to all animals equally.I believe that following his philosophy while accepting this unfathomable violation of animal rights is not merely hypocritical but also sinful. I hope you agree.

My request to you, Most Venrable Thera, is to help Ganga live in her natural habitat at least in the non- perahara season. Did you know that Ganga’s mother kept her  in her womb for over 2 years before she gave birth? Elephants are said to have one of the strongest parent-child bonds in the world. Science has proven that it’s an innate hormonal bond arising from their extremely long pregnancies. Breaking that bond and keeping them apart for a lifetime is an unforgivable sin.

You have the power and authority to change this unfortunate situation. By using your power wisely and compassionately, you may not just do justice to Ganga but also set an example to hundreds of other across Sri Lanka who are holding wild elephants in captivity. I truly hope you take my request into consideration.

 

Ye keci pāṇabhūt’ atthi tasā vā thāvarā vā anavasesā

Dīgha vā ye mahantā vā majjhimā rassakā aṇukathūlā

Diṭṭhā vā ye vā addiṭṭhā ye ca dūre vasanti avidūre

Bhūtā vā sambhavesī vā sabbe sattā bhavantu sukhitattā

 

May the blessing of the Noble Triple Gem be with you,

Thisuri Wanniarachchi

***

(Meaning of the verse: All living beings there, fearful or fearless – Huge, large, medium or small. Fine or coarse. Seen or unseen, remote or living nearby, born or seeking birth: May all said beings  live happily and in peace.-Karaniya Metta Sutta)

Advertisements

3 thoughts on “For Ganga,

  1. ඔබේ උත්සාහය ගොඩක් යහපත් එකක්.ඒ අතරම ඔබට පුලුවන්ද අපේ රටේ දිනපතා අමානුෂික ලෙස හරක් එහෙම මසට මැරීමට එරෙහිව එරෙහිව ලිපියක් ලියන්න.
    ගංගා අත් පැටිය වගේම, කඩේ ඉන්න බලු පැටව්, පුස් පැටව්, කුරුළු පැටව් මේකට මුහුණ පානවා. ඒවා ගැන අයි කතා නොකරන්නේ? ලගදිත් NGO එකක් යෝජනා කරනවා පෙරහරේ අලි ගෙනියන එක තහනම් කරන්න. ඇයි සිංහල බෞද්ද සංස්කෘතික අංග වලට අදාළ මෙවැනි කරුණු වලට විතරක් ලොකු විරොදයක්. මේක පැහැදිලිවම media හරහා ක්‍රියාත්මක කරපු යටි කුට්ටු වැඩ වල ප්‍රතිපලයක් ! අලි යන පත ගුල් තියෙද්දී කුබි යන හිල් වහන්නේ ඇයි?
    ස්තුතියි.
    කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.!

    1. ඔබේ ප්‍රතිචාරය බොහෝදුරට​ සාධාරන එකක්.
      අධාර්මික ව්‍යාපාරයන් ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒවා අපේ සමාජ ක්‍රමයට මෙන්ම ආර්ථිකයටත් බලපානවා. ඒගැන කතා කිරීමට කලින් අපි ධාර්මික සමාජයකට අවශ්‍ය මූලික පදනම පිහිටවන්න අවශ්‍යයි; ඒ අපේ ආගමික ආයතන තුලින්. බෞද්ධ ආගමේ මූලික පදනම් ආයතනය තමයි පන්සල​.
      අපි ධාර්මික සමාජයක් ගොඩනගන්න උත්සාහ කරනවානම්, මම විශ්වාස කරනවා, අපි පන්සලෙන් පටන් ගත යුතු බව​. පනසලේ සත්ව හිරිහැර සිදුවෙද්දි අපි කොහොමද බාහිර ලෝකයට කියන්නේ සත්ව හින්සනයෙන් ඈත්වෙන්න කියලා?
      මම මේ ලිපිය ලිව්වේ ඒ නිසයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s