මම මා වීම. (Becoming me.)

644103_587716907936918_892128228_n1994දී තාත්තා උතුරු නැගෙනහිර සේවයට යන විට මට වයස මාස හයකි. අයියාට අවුරැදු දෙක ලැබුවා පමණි. සමහර විටෙක ඔහුට මසකට වරක්වත් ගෙදර ඒමට නොලැබුනි. අම්මා ඇගේ රැකියාව කරන ගමන් අයියාවත්, මාවත් තනිවම හදාවඩා ගත්තාය.  එවිට පනාගොඩ හමුදා නිල නිවාසයක ජීවත් වුනු අපි ඉතා අහිංසක,පුංචි පවුලක් වුනෙමු.  තාත්තාට කලාතුරකින් ගෙදර ඒමට ඉඩ ලැබුනු විට අයියාටත් මටත් වැඩිය සතුටූ වුණේ අම්මාය. ඇය තුල වූයේ සතුටටත් වැඩිය සැනසීමකි.  ඔහුගේ රැකියාවේ භයාණකකම දැන සිටි ඈ, ඔහු යලිත් පණ පිටින් දකින්නට ලැබීම ගැන දෙවියන්ට පින් දෙමින් සතුටූ වුණාය.

තාත්තාගගේ රැකියාව ගැන අපි වැඩිය කතාබහ නොකරෙමු ඒ මන්දැයි මට දැන් වැටහේ. අපිත් සමග සෙල්ලම් කල හමුදා නිලනිවාස වල ජීවත් වුනු අනිත් ළමුන්ගේ පියවරුන් මිනී පෙට්ටි වල ගෙදර එනු අයියාත් මාත් මිදුලේ සිට බලා සිටි හැටි මට තවමත් මැවී පෙනෙයි. පෝලිමට තිබු නිල නිවාස එකින් එක මලගෙවල් වනු අපි බලා සිටියෙමු. මගේ පළමු වසරේ ගුරුතුමී සිතා සිටියේ මගේ පියා ශල‍‍්‍ය වෛද්‍යවරයක් කියාය . මලගෙවල් වලදී අම්මාත් අනිත් හමුදා    බිරිඳෑවරුනුත් කරන කථාබහෙන් අපි තේරුම් ගත්තේ අපේ පියවරුන්“ඔපරේෂන්” බොහොමයකට සහභාගීවන බවය . ඔවුන් “ඔපරේෂන්” යනුවෙන් අදහස් කලේ යුධ මෙහෙයුම් පිළිබඳය . ළදරු අපිට මේ ගැන තේරුමක් තිබුනේ නැත .  තාත්තාගේ රැකියාව කුමක්දැයි ගුරුතුමී ඇසූ විට, ඔහු ඔපරේෂන් කරන්නෙකු යැයි පිලිතුරු දුන්නෙමි. තාත්තා සැත්කම් කරනා ශල‍‍්‍ය වෛද්‍යවරයෙකු යැයි ගුරුතුමී සිතන්නට ඇත . පන්තියේ අනිත් ළමුන්ට වඩා වෙනස් මානසිකත්වයක් මට තිබූ බවත්, යුද්ධය අනිත් ළමයින්ට වැඩිය මගේ ජීවිතයට සමීප බවත් ඇය දැන සිටියේ නැත . “මඩකලපුවට ගහලා,” “ඔෆිසර්ස්ලා ගොඩකටත් තුවාලයි” වැනි කථා හමුදා පවුල් අතර පැතිරුනු දින වල අපි රැ තිස්සේ නොනිදා සිටි බවත්, අවේලාවෙ දුරකථනය නාද වූ විට අයියාත්, මාත් තුරුල් කරන් අම්මා බියේ ගැසුනු අවස්ථා අප්‍රමාණ බවත් ගුරුතුමී දැන සිටියේ නැත. මේ සියල්ල තේරුම් ගෙන සිටි අම්මා මට කියා දුන්නේ තාත්තා වෙනුවෙන් කල හැකි ලොකුම දෙය හොදින් ඉගෙන ගැනීම බවය .වෙන ළමුගේ ජීවිත මට වැඩිය පහසුය . එය අම්මා පිලිගත්තාය . එහෙත් එය අධ්‍යාපනයේදී ඔවුන් තරම් මහන්සි නොවී සිටීමට හේතුවක් නොවන බව ඇය මට කියා දුන්නාය . ඔවුන් මහන්සි වෙන්නේ කොපමණක්ද මම ඉන් දෙගුණයක් මහන්සි විය යුතු යැයි ඈ මට තේරුම් කරදුන්නාය . මේ ඔවදන මම ජීවිත කාලයක් පුරාවට පාවිචචි කලෙමි. “ඔවුන් මහන්සිවන්නේ කොපමනක්ද මම ඉන් දෙගුණයක් මහන්සි වෙමි. හැකිනම් තෙගුණයක් මහන්සි වෙමි. මහන්සි වෙන්නාට ප්‍රතිඵල ලබේ. දෙගුණයක් මහන්සි වෙන්නාට දෙගුණයක් ප්‍රතිඵල ලබේ.” මම අධිශඨාන කර ගතිමි. අම්මා නිවැරදිය . ඇගේ ඔවදන් මගේ මුලු ජීවිතයම වෙනස් කලේය .

 පෙර පාසලේ සිට කොලඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරමයේ ඉගෙන ගත් මා, කුඩා කල සිටම පාසලේ ආධි සිසුවියන් වන සිරිමවෝ බණ්ඩාරනයක හා චන්ඳ්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මැතිනියන්ට බොහෝසේ ඇලුම් කලෙමි. මා දේශපාලනයටත්, නායකත්වයටත් උනන්දුවක් දැක්වීමට දිරි ගැන්‍වුනේ ඔවුන් වැනි නිර්භීත කාන්තවන් නිසාවෙනි. ඔවුගේ දේශපාලන ආකල්ප හා තීරණ ගැන කිසිඳු දැනුමක් මට එවිට නොතිබුනි. එහෙත්, පිරිමි ආකල්ප වලින් ධාවනය වන ලෝකයක , පිරිමි බහුතර යකින් පිරි දේශපාලන සංස්කෘතියක , මේ එඩිතර කාන්තවන් (ලොව පලමු අගමැත්නී සහ ලංකාවේ පලමු ජනාධිපතිනී) කල නිර්භීත විප්ලවයට මම ගරු කලෙමි. අදටත් ගරු කරමි.

වයස අවුරුදු දහයේ පමන සිට මම කෙටිකතා ලිවීමට හුරුවුනෙමි. මම මා සමගම තරග කලෙමි. ගිය අවුරුද්දේ ලියූ කතා වලට දෙගුණයක් උසස් කතා මේ අවුරුද්දේ ලියන්නටත්, මේ අවුරුද්දේ ලියූ කෙටිකතා ලබන අවුරුද්දේ නවකතා බවට පත් කිරීමටත් උගත්තෙමි. මගෙ පළමු නවකතාව 2009දී මුද්‍රණය විය . ඒ පොත එලිදැක්වීමෙන් පසු මට ඇමරිකාවේ කෙන් යොන් විශ්වවිද්‍යාලයේ මසක් ලේඛන කලාව හැදෑරීමට පූර්න ශිෂ්‍යත්වක් ලැබුනි. මේ පිළිබඳ ෆුල්බ්‍රයිට් ආයතනයේ ලංකා අධ‍්‍යක්‍ෂක ආචාර්‍ය තිස්ස ජයතිලක මහතා එවක ඇමරිකානු තානාපතිනියට දැනුම් දුන්නෙනේය . තානාපතිනිය 15 හවිරිදි මටත් පවුලේ අයටත් ඇගේ කාර්‍යාලයට ආරාධනා කොට සුබ පතුවාය . කොලඹ මුහුදු වෙරලට මුහුණලා වෙඩි නොවදින වීදුරු වලින් වට වී ඇති ඇගේ කාර්‍යාලයට යන මාර්ගය ඇමරිකානු මරීන් බටයන් කිහිපදෙනෙක් සහ අධිආරක්‍ෂක පිලිවෙත් වලින් අනූනය . තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මට සුබ පතා ඇය පවස සිටියේ පාඨමාලාව හැදෑරීමට ඇමරිකාවට යෑමට එ්මට යන ගමන් වියදම් සඳහා ශිෂ්‍යත්වක් ලබා දෙන බවය . ඇය සමග එදා පටන් ගත් සබඳතාව බොහෝ දුර ගියේය . මා ඇමරිකාවෙ විශ්වවිද්‍යාල වලට අයදුම් කරද්දී මගේ නිර්දේශ ලිපිය ලීවේද ඇයයි.

මගේ පලමු නවකතාව ලියවුනේ 2008 අවසාන භාගයේය; ඒ යුද්ධයේ කුරිරුම පරිඡ්ඡේදයයි. Colombo Streets නම් මගේ නවකතාවේ මම යුද්ධය ළමයින්ට බලපෑ ආකාරය පිලිබඳ කතා කලෙමි. යුධබියට හා යුධදුකට ජාති ආගම් බේදයක් නැතැයි නවකතාවකින් තේරුම් කරදීමට උත්සාහ කලෙමි.එයට 2010 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය  සම්මානය ලැබුනි. ඒ 16 හවිරිදි මා ලොව ලාබාලතම  රාජ්‍ය සම්මාන ලාභිනිය කරමිනි. එදා අම්මාත්, තාත්තාත්, අයියාත්, මාත්  අරලිය ගහ මඳිරයේ පැවති සම්මාන ප්‍රධානෝත්සවයට ගියේ 40,60 හැවිරිදි අනිත් ප්‍රබුද්ධ ලේඛකයගේ පොත් සමග මගේ පොතද නාමයෝජනා වී තිබීම ගැන සතුටෙන් සිත පිරීය .සම්මානය මට ලැබෙනු ඇතැයි මම කිසිවිටෙක බලපොරොත්තු නොවුනෙමි. ඒ මොහොථ අදටත් මට හීනයකි. ජනාධිපතිතුමගෙන් සම්මානය ලබාගත් මා, අම්මාත් තාත්තාත් අයියාත් දෙස බලුවෙමි. තාත්තාගෙ මුහුණ පුරා කඳුලුය . ඉන්පසු දින ගණනාවක් ගතවන තුරු සතුටු කඳුලු නොහෙලා මා සම්මානය දිනීම ගැන කතා කරන්නට තාත්තාට නොහැකි විය .

අඩි හයක් උස , ජාතික මට්ටමෙන් රග්බි, පැසිපන්ඳු ක්‍රීඩාකල , ගැඹුුරු, ගරහැඩි කටහඩක් ඇති මගේ තාත්තාට ඇත්තේ ඉක්මනින් උනු වන හදවතකි. ඔහු තරම් සුන්‍දර, සංවේදී හදවතක් ඇත්තෙක් මම නොදන්නෙමි. ඔහු අවංක රාජ්‍ය සේවකයෙකි. හතුරාටත් ප්‍රේම කරන පිරිසිඳු කතෝලිකයෙකි. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ මිනිසෙකි.

මගේ උප්පත්ති ආගම බෞද්ධාගම වුනත් මා කතෝලික පාසැලක ඉගෙනුම ලැබූ නිසා ආච්චී (මවගේ මව ) මගේ බෞද්ධාගම් දැනුම පිලිබඳව සැලකිලිමත්වන්නට ඇත . මාව ඇය සමග නිතර විවිධ පන්සල්වල ලොකු හාමුදුරුවරු හමුවීමට එක්ක ගියේ එනිසා වියහැකිය . එවකට ඉතා වයස්ගතව සිටි හික්‍ෂු මධ්‍යස්ථානයේ මඬිහේ පඤ්ඤාසීහ හාමුදුරුවන් හමුවීමටද ආච්චි මා කිහිප වරක් එක්ක ගියාය . මගේ සම ආච්චිගේ අනිත් මුනුපුරුමිනිපිරියන්ගේ සමට වඩා කලු බැවින් මගේ සිත රිදුනොත් කියා ආච්චි මට සුදු නෝනා කියා ඇමතුවාය . මට මෙය කලක් යන විට තේරුනි. මම සුදු නොවීම මට ප්‍රශනයක් නොවන බවත් මම තාත්තගේ පාට බවත් මම ආච්චිට ආඩඹරයෙන් කීවෙමි. එහෙත් අච්චී මට දිගටම ඉතා ආදර යෙන් සුදු නෝනා කියා ඇමතුවාය . මඬිහේ හමුදුරුවන් ද මට සුදු නෝනා කියා අැමතුවේය . ආච්චිත් සමග මා ගතකල කාලය ඉතා සීමිත විය . වැඩි කලක් නොගොස් ආච්චිත්, හමුදුරුවෝත් මෙලොවින් සමුගත්තත් මා ඉගෙන ගත් ධර්මය එදා මෙන්ම මගේ සිතේ ඇත .

හාමුදුරුවරුන් කියා දුන් එක දෙයක් නම් “මහන්සි වෙන්නාට ප්‍රතිඵල ලබේ” යන්නයි. මට ගෙදරදී අම්මා කියා දුන්නේද , පාසලේ කන්‍යාවරියන් “තට්ටූ කරන්නාට දොර ඇරේ,” “සොයන්නාට සම්බවේ” යනුවෙන් කියදුන්නේ එයම බැව් මම දැන සිටිමි. එහෙත් හාමුදුරුවරුන් තවත් වැදගත් දෙයක් කිය දුන්නේය: “මහන්සි වෙන්නන්ට උදව් කරන්න.” මඬිහේ හාමුදුරුවෝ සෑම උදෑසනකම පන්සලේ මිඳුලේ සීනි වපුරුවේය . ඒ කූඹීන් ගේ ආහාරයටය . “කූඹීන් සීනි බෝතලයෙන් සීනි කෑමට දිවිපුදා මහන්සි වෙනවා. අපිට පුලුවන්නන් උන්ට දිනකට සීනි ඇට ටිකක් දෙන්න . අපි එය කලයුතුයි. එය කොච්චර පිනක්ද ? මහන්සි වෙන්නන්ට උදව් කරන්න. ධාර්මිකව උදව් කරන්න . ධම්මෝ භවේ-රඛ්ඛති ධම්මචාරී: ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබේ.” මමත් ධර්මයත් අතර සම්බන්ධය පටන් ගත්තේ මේ කාලයේදීය .

2010දී මට රාජ්‍ය සම්මානය ලැබෙන විට මම පූර්ණ ශිෂ‍්‍යත්වයකින් කොලඹ බ්‍රිතාන්‍ය පාසලේ උසස් පෙල හදාරමින් සිටියෙමි. සම්මානයෙන් පසු මට නොයෙක් අන්තර්ජාතික ලේඛ්ක සමුලු වලට සහභාගීවීමට ලැබුනි. උසස් පෙලෙන් පසුපලමු උපාධිය හදරන්නට ඇමරිකවේ බෙනින්ටන් විශ්වවිද්‍යාලයට පූර්ණ ශිෂ‍්‍යත්වයක් ලබුනි. බෙනින්ටන් විශ්වවිද්‍යාලය වසරකට සිසුන් සියයක් පමණණ ඇතුලත් කරගන්නා එම සියයෙන් සිසුන් දෙදෙනෙකුට පමණ පූර්ණ ශිෂ‍්‍යත්ව ලබා දෙන ඉතා සීමිත සහ තරගකාරී විශ්වවිද්‍යාලයකි. එහි උපාධියක් ලබා ගැනීමට ලංකවේ මුදලින් මිලියන 34කට අධික මුදලක වැය වේ. ශිෂ‍්‍යත්වයක් නැතිව මේ විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි බව දැන දැනත් මම අයදුම් කලෙමි.මා තේරේවියැයි මම සිතුවේ නැත . ශිෂ්‍යත්වයක් ලැබෙනු ඇතැයි කොහෙත්ම සිතුවේ නැත . එහෙත් අයදුම් කරන්නැයි මගේ සිත කිවාය . ශිෂ්‍යත්වය ලැබුනු වග පැවසූ ලිපිය කියවමින් තාත්තා පැවසුවේ “මහන්සි වුනොත් කරන්න බැරි දෙයක් නෑ නේද ” කියාය . මහන්සිය නිසා මට බොහො දේ ලබී අැත , එහෙත් මේ මහන්සිය නිසා පමණක් මට ලැබුනු දෙයක් නොවන බව මම දනිමි. මෙය මට ධර්මය විසින් කිය දෙන පාඩමක් යැයි මම විස්වාස කරමි. “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබේ” හාමුදුරුවන් ගේ වචන මට මතක් වෙයි. මින් පසු මම ධර්මයට තවත් සමීප වුනෙමි. අවනත වුනෙමි. අධාර්මික දෙයට බිය වුනෙමි. හතුරෙකුටවත් වෛර කිරීමට බිය වුනෙමි. මෛත්‍රී භවනාවට හුරුවුනෙමි.

 ලංකාව දමා ඇමරිකාවට ගියේ වචනයෙන් තේරුම් කල නොහැකි හැගීමකින් සිත පුරවාගෙනය . ආදරය රැකවරනය පිරි නිවසක මුලු ජීවිතයම ගතකල මාහට ලොව අනිත් කොනට ගොස් තනිවම ජීවත්වීමටත්, ඉගෙනගැනීමටත් ධෛයය ලැබුනේ ධර්මය තුලිනි. මම මා වූයේ ධර්මය තුලිනි.

 මම දැන් බෙනින්ටන් විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ දේශපාලන ආර්ථික විද්‍යාව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රම පිලිබඳ උපාධියක් හදාරන සිසුවෙක්මි. මෙහිදී මම ලෝකප්‍රකට ආචාර්‍යවරුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඉගෙන ගනිමි. ජීන් ජාක්ස් රූසෝගේ පුරවැසි ධර්මය ගැනත්, කාල් මාක්ස්ගේ මාක්ස්වාදය ගැනත්, කොමියුනිස්ට්වාදය ගැනත්, ඇමරිකානු ෆෙඩරල්වාදය ගැනත්, නෙල්සන් මැන්ඩෙලා, ලී කුවාන් යූ, සෙරෙට්ස් කාමා, කෙමාල් ඇටටර්ක්, බෙනසීර් බූටෝ, අවුන් සාන් සූකී වැනි නායකනායිකාවන්ගේ දේශපාලන ක්‍රම ගැනත් ඉගෙන ගනිමි. ලිබරල් අධ්‍යාපනයේ මව ලෙස සැලකෙන එලිසබෙත් කෝල්මගෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉගෙනීමට භාග්‍යවත්වුනෙමි.

බෙනින්ටන් වැනි සීමිත පිරිසක් සිටින විශ්වද්‍යාලයකට යෑමේ විශාල ප්‍රයෝජනයක් නම් සිසුන්ට ලැබෙන සියුම් අවධානයයි. මගේ දේශපාලනය කෙරේ ඇති ඇල්ම දන්නා බොහෝදෙනා මා දේශපාලනය ආශ්‍රිත වැඩසටහන් හා ව්‍යාපෘති කරා යොමු කරයි. 2014 සෙනෙට් සභික අපේක්‍ෂකයෙකු වූ බ්‍රයන් කැම්පියන් මට හමුවන්නේ මේ කාලයේදීය . 2014 මහ ඡන්දයේ වැඩකටයුතු සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබෙන්නේ ඒ හමුවීමත් සමගය .බ්‍රයන් ඉතා විශාල බහුතරයකින් වර්මොන්ට් ප්‍රාන්තයේ සෙනෙට් අසුන දිනා ගනී. බ්‍රයන්ගේ ජයග්‍රහණය මට විශාල දිරියකි. ඔහු වර්තමාන ඇමෙරිකානු දේශපාලනයෙ සිටින විවෘතව සමලිංගික සෙනෙට සභිකයන් අටලොස්සෙන් කෙනෙකි. පීතෲමූලික සමාජයක කාන්තාවක් වන මා, සමාජයේ කොන්වෙන අසාධාරණයට ලක්වෙන පිරිසක් වීම ගැන හොඳ හැටි දනිමි.ඇමෙරිකාවේ සමලිංගික පිරිමින්ට වඩා සමාජ අසාධාරණවලට ලංකාවේ කාන්තාවන් මුහුණදෙන බව මම දනිමි.  එහෙත් බ්‍රයන් ඔහුගේ දේශපාලනයෙන් කරන සමාජීය විප්ලවය මට බොහෝ බලාපොරොත්තු ගෙනදෙයි.

 ශ්‍රී ලංකාවේ මිනිසුන් මුහුණදෙන සමාජීය හා ජීවන ගැටලු මොනවාදැයි ඇමරිකානු දේශපාලනඥයින්, මිතුරන් හා ආචාර්‍යවරුන් බොහෝවිට මගෙන් අසයි. එවිට මගේ සිත බොහෝ හැගීම් වලින් පිරෙයි. මුලින්ම මගේ හිතට එන්නේ උතුරුමැද පලාතය . අව්වට, නියගයට කුඹුරු පාලුවී, බොන්න වතුර සොයමින් ගවු ගනන් යන , ආණ් ඩුවෙන් වතුර බවුසර්, ආහාරපාන , එනතුරු සති ගනන් බලා සිටින , වැස්ස කාලෙට , ගංවතුරට මුලු සේසතම වතුරෙන් යට වෙන , මේ මිනිසුන් ගැන කඳුලු පෙරාගෙන සුදු සෙනෙට්වරුන්ට කියන්නට මට හිත නොදෙයි.  මම දකුණ ගැන සිතමි. ගිණි අව්වේ,පිටකොටූවේ හාල් කොට්ට උස්සන මිනිසුන් වෙන අප්‍රමාණ මහන්සියත්, ඔවුන් ගේ මුහුණු පුරා පිරී ඇති ජීවන බරත් මට මැවී පෙනෙයි. කොලඹ රණවිරු සෙවනේ, අනුරාධපුර අභිමන්සලේ සිටිනා, යුද්ධයෙන් අතපය , ඇස් පෙනීම , සියල්ල අහිමිවූ ඉතිරි ජීවිත කාලයම එක්තැන අඳුරේම ගතකරනා යුධ සෙබලුන් හා ඔවුන් බලන්නට කඳුලු පුරවාගෙන එන ඔවුඞේ බිරිඳෑවරුන් හා දරුවන් මට මතක්වේ.එහෙත් මේ සියල්ලටම වඩා මගේ සිත උණුවෙන්නේ උතුරේමිනිසුන් මතක්වුන විටය . ඔවුන් වසර තිහක් තිස්සේ තිබූ යුද්ධයෙන් දෙපැත්තෙන්ම බැටකාපු, පවුලේ අය ඇස් ඉදිරිපිටම නැතිවෙනු දැක ඇති, යුද්ධය නිමාවී බොහෝ කලක් ගෙවී ඇතත්, තමන් ගේ ගේදොර ඉඩකඩම්, හේන්කුඹුරු දේශපාලන ඩීල් කරුවන් ගේ අතට ගොස් ඇති නිසා තවමත් අනාථ කඳවුරුවල ජීවත්වෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්ත අසාධාරණයට ලක්වූ ඉතාම අසරණ ලාංකිකයින් පිරිසකි. ගෙදර ප්‍රශ්න පිටට නොකීම සිංහල පුරුද්දකි.   ලංකාවේ ප්‍රශ්න ඇමරිකානු මිතුරන් හා ආචාර්‍යවරුන් සමග බෙදානොගන්නේ එනිසා විය හැක .

එහෙත් අධ්‍යාපන ක්‍රමවල ඇති ව්‍යූහමය ප්‍රශ්න බොහෝ රටවලට ඇති ගැටලුවකි. ඇමරිකාවටද ඇති විශාල ප්‍රශ්නයකි. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය ඉතා උසස් තත්වයක තිබුණත්, ඔවුන් ගේ ජාතික පාසැල් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම ගැන විශාල විවදයක් පවතී. පෝලන්තය , ෆිනලන්තය , දකුණු කොරියාව ඔවුන් උදාහරණයට ගනී. ඉතා අඩු පහසුකම් ඇතුව ලංකාවේ “නිදහස් අධ්‍යාපනයේ” යෙදෙන , අසාධාරණ හමුවේ, අයිතීන් වෙනුවෙන් විරෝධතාවේ යෙදුනුවිට විට කඳුලු ගෑස් කන , විශ්වවිද්‍යාල සිසුන් මට මතක් වෙයි.  ගුරුවරුන් ගේ විරෝධතා නිස සිසුන් ගේ අධ්‍යාපනය ප්‍රමාදවෙයි. අචාර් යවරුන්ට නිසි පඩි නොගෙවීම නිසා රටේ හොඳම අචාර් යවරුන් රටට නැතිවෙයි. ව්‍යූහමය ගැටලු නිසා ජාතික උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනීමට ලැබෙන්නේ බොහෝ සුලු පිරිසකට බවත්,ජාතික අයවැයෙන් අධ්‍යාපනයට අයෝජනය කරන ම් ෞදල ඉතම මදි බවත්,රටේ සමහර පලාත්වලට නිසි පුහුණුව ලැබූ ගුරුවරුන් නොලැබෙන බවත් මම ඔවුන්ට පවසමි.

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැනි විෂයකට මගේ හිත ගියේ ඇයිදැයි බොහොදෙනා මගෙන් අසයි. 2000 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් ටාරා ඩිමෙල් මැතිනියත්, ජ නාධිපති චඳ්‍රිකා බණ් ඩාරනායක කුමාරතුංග මැතිනියත්, රජීව විජේසිංහ වැනි අධ්‍යාපනඥයින් එක් වී ජාතික අධ්‍යාපන ක්‍රමයට ඉංග්‍රීසි මාධ්‍ය ය යලි හඳුන්වා දෙන ප්‍රයත්නයක් දියත් කලහ .මෙහි ප්‍රතිඵලයක් ලෙස , අයියාත් මාත් වැනි මධ්‍යම පන්ථියේ සාමාන්‍ය පවුල්වල දරුවන්ට ඉංග්‍රීසි මධ්‍යයෙන් ඉගෙනීමට ලැබුනි. ඉංග්‍රීසි මධ්‍යයෙන් ඉගෙනීමට ලැබීම නිසා මට කොතරම් දොරටු ඇරුනාද ? මා වැනි  කොතරම ළමුන් ගේ ජීවිත කොතරම් වෙනස් කරන්නට ඇතිද ? අයියාද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නට පටන් ගත්තාට පසු, වයස අවුරුදු දහසයේ පමණ සිට වියනාව, බර්ලිනය, ජිනීවාව, නෛරෝබිය, රියොදජෙනයිරෝව ඇතුලු ලොව එක්සත් ජාතිගේ මූලස්ථාන රැසක සමුලු වලට සහභාගීවීමට ශිෂ්‍යත්ව දිනා ගත්තේය .  ඔහු අද කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අන්තර්ජාතික සබදතා පිලිබඳ විශේෂ උපාධියක් හදාරන ගමන්, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික තරුණ නියෝජිතයා ලෙස කටයුතු කරයි. අයියා නිව්‍ යොර්ක් සොවිධාන මූලස්ථානයේ පැවති සියලු රටවල නියෝජිතයින් අමතා කල කතාව බෙනින්ටන්සිට සජීවීව නැරඹූ මම, කඳුලු පුරවාගෙන සිහිපත් කලේ ඉංග්‍රීසියෙන් ඉගෙනීම අප ජීවිතවලට කොපමන දේ ගෙනාවාද කියාය. අධ්‍යාපනය කොතරම උතුම්, බලවත් දෙයක්දැයි මම දනිමි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් රටට කෙදිනකහෝ සේවයක් කිරීමට අධිෂ්ඨාන කරගත්තේ එබැවිනි.

අධ්‍යාපනයේ බලයෙන් බොහෝ දේ වෙනස් කල හැකි වුනත්, අප රටේ ජීවන හා සමාජීය ගැටලු අධ්‍යාපනයෙන් ඔබ්බට යන බව මම් දනිමි. අප රටේ දේශපාලන සංස්කෘතියෙන් ඇතිවන ව්‍යූහමය ගැටලු නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ තෘප්තීන් ලබන්නෙත්, සාධාරනය ඉටුවන්නේත් ඉතාම සුලු මිනිස් කොට්ඨාශයකටය .  බොහෝ මිනිසුන්ට මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබේ. ඔවුන්ඳ අර සීනි බෝතලයට නගින කූඹීන් වැනිය . ඔවුන්ගේ මහන්සියට කවදාහෝ ප්‍රතිඵල ලැබෙතැයි සිතා ඔවුන් ජීවන බර උසුලාගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් සීනි බෝතලයට නගී. විනිවිද වුවත් අප රටේ දේශපාලන හා සමාජීය ක්‍රමයේ ඇති ව්‍යූහමය ගැටලු නිසා කෙදිනකවත් වීදුරුව සිදුරු කල නොහැකි බවත්, සීනි මිථ්‍යාවක් බවත් කලක් යද්දී ඔවුන්ට තේරුම් යයි. සීනි දැක දැක බඩගින්නේම ඔවුන් ගේ ජීවිත ගෙවීයයි. ධාර්මික සමාජයක එසේ විය නොයුතුය . වෙන මහන්සියට ප්‍රතිඵල ලැබිය යුතුය . ධර්මික රාජ්‍යයක ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබෙන්නාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්නා ප්‍රජාතන්ත්‍රවාදය විසින් රකිණු ලැබිය යුතුය. අවි ගත්තා අවියෙන්ම නැසෙන්නාක් මෙන් අවනීතියෙහි හැසිරෙන්නා නීතය විසින් නැසිය යුතුය. මගේ ජීවිතයේ ලොකුම යුතුකම කුඩාකල හාමුදුරුවෝ කියාදුන්නා මෙන්, මහන්සිවෙන්නන්ට් උදවු කිරීමය . කන්‍යාවරියන් කියාදුන්නා මෙන් තට්ටූ කරන්නාට දොර ඇර දීමය. රටවැසියන්ට සාධාරණ රාජ්‍යයක් ලබාදීමය .

ප්‍රජාතන්ත්‍රවාදය හා රටවැසියන්ට සාධාරණය ඉටු කිරීම ගැන කතා කරන විට අපට සුලු ජාතීන් හා ඩයස්පෝරාව අමතක කල නොහැකිය . අපි කොපමණ විවාද කලත් ඔවුන් ද අපේ රටේ කොටසකරුවෝ බව අප හර්ද සාක්ශිය දනී. ඔවුන් සමග තරහින් ජාතිවාදී මිත්‍යාවක් පිටුපස හඹායමින් අපි අපිවම රවටා ගන්නෙමු. දශක ගණනාවක් තිස්සේ ඔවුන් කොතරම් දුක් වින් දාද යන්න අප සිහිපථ් කල යුතු වේ. ඔවුඞේ අරගලය තේරුම් ගමු. මවුබිමෙන් පිට ජීවත් වීමේ දුක දන්නා මම සුස්දු නොවන මිනිසුන් අදටත් මේ ලොකයේ මුහුණ දෙන සමාජ අසාධාරණයන්ද හොඳින් දනිමි.යුරෝපයේ ගුවන් තොටුපොලවල රේශල් ප්‍රොෆිලින් නැමති ආරක්‍ෂ්ක පියවරට මුහුණදෙන ලාංකිකයින් මම ඕනෑ තරම දැක ඇත්තෙමි. එය මටද සිදුවී ඇත . සුදු ජාතී මගීන් කිසිම පරික්‍ෂාවකි තොරව පෝලිමේ ඉදිරියට යද්දී, දුඹුරු සම ඇත්තෝ පෝලිමෙන් පසෙකට ගෙන ඔවුන් ගේ මුලු ශරීරයම පරික්‍ෂා කිරීම ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපලේදීත්, ජ්‍ ර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හීදීත් ඕනෑ තරම් දැක ගත හැක .පොදු බස් හා දුම්‍ රියන්හී ගමන් ගන්නා දුඹුරු සම ඇති මගීන් විඳින පහත් සැලකීම් මම දැක ඇත . ගුවන් තොටුපොලවලදී මමද රේශල් ප්‍රොෆෛලින් ආරක්‍ෂ්ක පියවරට මුහුණ දී ඇත . එය කොතරම් අපහාසාත්මක වුවත් මම එය එතරම් සිතට නොගන්නේ එය මට මට මගේ රටේදි කිසිදිනක නොවන බව මම දන්නා නිසාවෙනි.එවිට මගේ සිතට එන්නේ ලංකාවේ සුලු ජාතීන් ගේ ඩයස්පෝරාවය . මවුබිමේදී නොයෙක් සමාජ අසාධරණ වලට මුහුණදී මවුබිම හැරදා පැමිණි විටද එවැනිම අපහාසවලට මුහුණදීම ඔවුන් කොතරම් අසරණ කරනව ඇත්ද ? ඔවුන් ගේ කෝපය අප තේරුම්ගත යුතුය . ජාතික සංහිඳියාවට ක්‍රියා පිලිවෙතක් සෑදීම ඔවුන්ටත්, අපේ රටේ අනාගතයටත් අපි සතු වගකීමකි.

 මගේ තාත්තා වැනි පියවරුන් සියදහස් ගණනක් නිසා (විශේෂයෙන්ම දිවිපිදූ හා ආබාදිත වූ සෙබලුන් නිසා) අද මාත් අයියාත් ඇතුලු ශ්‍රී ලාංකිකයන් මිලියන විස්සකට යුධබියෙන් තොර රටක් ඇත . ඔවුඞේ වෙහෙසට ප්‍රතිඵල ලැබී ඇත . අද අලුත් දවසකි අලුත් සටනකි. මම රටට බොහොම ණයගැතිය . ඒ ණය ගෙවනතුරු විශාල බරක් මගේ හිසමත ඇත . තාත්තා අයියාගේත් මගේත් අනගතය වෙනුවෙන් සටන් කලා මෙන් මම මගේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් සටන්කල යුතුය . මගේ දරුවන් කවදාහෝ ලංකවේ ජීවත් වනවාටත් ඔවුන් මම මෙන්ම ලංකාවට ආදරය කර එහි සුන්ඳරත්වය විඳිනවා දකින්නට මම දකින්නට මම කැමැත්තෙමි. ඔවුන් මෙලොවට පැමිණෙනට පෙර ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජයක් කිරීමට සටන් කිරීමට මම් බලාපොරොත්තු වෙමි, ජීවිතයේ සෑෑම දිනකම යලි යලිත් අධිශ්ඨාන කර ගනිමි.

 අද ඊසානදිග ඇමරිකාවේ ඉතා ශීතල දිනයකි. ජනේලයෙන් එලිය බැලූ විට සෑම තැනම හිමෙන් වැසී ඇත . මේ ගතවෙන්නේ ශීත ඍතුවේ දරුණුම කාළයයි. අද රාත්‍රියට උශ්ණත්වය රිණ විසිපහට පමණ බසිනි ඇතැයි අනුමාන කර ඇත . අද වැනි දිනවලට ලංකාවේ නොසිටීමේ පාලුව මට හොඳට දැනෙයි. එහෙත් කාලය ඉක්මණින් ගත වෙයි. ලබන සතිය වනවිට යලි ඉර එලිය වැටී පොලොව මතුපිට ඇති අයිස් තට්ටු දියවෙන්නට පටන්ගනු ඇත . හිරු පායන්නේ වසන්තයේ බලාපොරොත්තු ගෙන එමිනි. කොල හැලී ඇකිලී ගොස් ඇති ගස්වලට වසන්තයේ නව පණ ලැබෙනු ඇත . මඩවගුරු මල් පොකුණූ වනු ඇත . අප ජීවත්වන ලෝකය ඉතා බලාපොරොත්තු සහගත එකකි. නන්දා මාලිනියන කියනමෙන් අද පමනක් නොවේ අපට හෙටක්ද තිබේ. අරුනලු කැන්පිබිදී නව දිනක් ලබනු ඇත . අඳුරින් බර ආකර තුලද මැණික් දිලිය හ ැක .

ප්‍රජාතන්ත්‍රවාදයේ වසන්තය හීනයක් නොව . ඇය ලග ලගම පැමිණෙනු ඇත . ඇය ඉතා අවංකය . කරුණාවන්තය . සියලුදෙනාටම එකසේ ආදරය කරන්නීය . මම ඇය වෙනුවෙන් සටන් කරමි. ඔබත් මා සමග ඇය වෙනුවෙන් සටන් කරන්නට ඔබේ අවි බිම තබා පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට කිසිවෙකු බියවිය යුතු නැත . මගේ සටන ධාර්මිකය . ධර්මය විසින් මා රකිණූ ඇත .

Advertisements

38 thoughts on “මම මා වීම. (Becoming me.)

  1. Akki. I would have commented on this in SInhala. But I don’t have a sinhala font. Let me begin by saying, you made it into my list of Inspirational people today. This entry was one of the most touching and beautiful entries I have read, and It is indeed an honour to get to know you in such a personal level through your writing. 🙂 I hope you realize all your dreams of democracy and of education. Thankyou once again for being the beautiful soul that you are. -Phusathi

  2. ලාංකිකයකු වී ඔබ ගැන හෝ ඔබේ ලේඛන කලාව එසේත් නැතිනම් ඔබේ ජීවිතයේ ලබාගත් ජයග්‍රහණ ගැන අසා නොතිබීම මට මවිතයටත් ලැජ්ජාවටත් කාරණයකි.
    මේ ලිපියේ මගේ හිත ගත් හොඳම කොටස:
    “අප රටේ දේශපාලන සංස්කෘතියෙන් ඇතිවන ව්‍යූහමය ගැටලු නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ තෘප්තීන් ලබන්නෙත්, සාධාරනය ඉටුවන්නේත් ඉතාම සුලු මිනිස් කොට්ඨාශයකටය​. බොහෝ මිනිසුන්ට මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබේ. ඔවුන්ඳ අර සීනි බෝතලයට නගින කූඹීන් වැනිය​. ඔවුන්ගේ මහන්සියට කවදාහෝ ප්‍රතිඵල ලැබෙතැයි සිතා ඔවුන් ජීවන බර උසුලාගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් සීනි බෝතලයට නගී. විනිවිද වුවත් අප රටේ දේශපාලන හා සමාජීය ක්‍රමයේ ඇති ව්‍යූහමය ගැටලු නිසා කෙදිනකවත් වීදුරුව සිදුරු කල නොහැකි බවත්, සීනි මිථ්‍යාවක් බවත් කලක් යද්දී ඔවුන්ට තේරුම් යයි. සීනි දැක දැක බඩගින්නේම ඔවුන් ගේ ජීවිත ගෙවීයයි. ධාර්මික සමාජයක එසේ විය නොයුතුය​. වෙන මහන්සියට ප්‍රතිඵල ලැබිය යුතුය​. ධර්මික රාජ්‍යයක ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබෙන්නාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්නා ප්‍රජාතන්ත්‍රවාදය විසින් රකිණු ලැබිය යුතුය. අවි ගත්තා අවියෙන්ම නැසෙන්නාක් මෙන් අවනීතියෙහි හැසිරෙන්නා නීතය විසින් නැසිය යුතුය.”
    මෙය මගේත් මගේ දෙමව්පියන් ඇතුළු හොඳින්ම දන්නා අඳුනන බොහෝ දෙනකුගේත් අත්දැකීම් ඇසුරින් මාත් නිතරම සිතන දෙයක් නිසයි එතරම් මගේ සිත් ගත්තේ.

    • It was a beautiful write up. Though we are distant in generation and geography , my philosophy and the vision for the nation is hand in glove with yours young lady. Count me in for your political work, I will be there to make your path to the top.

  3. U reminded me of “not go give out your internal troubles” which is an identification of a Sri Lankan. Your experience, I hope would be a great example to others – especially how you achieved your goals by listening to your mother, grandmother, clergy. May this article be seen and read by the younger generation of today.

  4. ලාංකිකයෙකු ලෙසින්ද කාන්තාවක් ලෙසින්ද ඔබගේ අදහස් හා හැගීම් වලට හදවතින්ම ගරු කරමි. අනාගත ශ්‍රී ලංකාවේ ඔබගේ අදහස් සාක්ෂාත් කිරීමට සියලු ශක්තිය දිරිය ලැබේවා..!!

  5. පින්වත් ඩූවනිය,your father is a good friend of mine.we both have worked togather. Just I wanted say that I am proud of you.All the best. Thrruwan sarani.

  6. මම මහා ලොකුවට කතා කියවන කෙනෙක් නෙමෙයි.එත් ඔයාගේ මේ කථාව අපේ තරුන සමඡ්යේ කතිකවක් විය යුතුයි.මොකද අද මේ රටේ අනාගතය තරුන අපියි.

  7. i feel what you see and what you feel is absolutely correct. look for the missing part of life always. i am very proud of you being a Sri Lankan

  8. First of all a brilliant article.. I have red quite a few of your articles in recent past, did not realize these writing were done by a Sri Lankan undergrad in US. As you have written in your latest post what is critical is to walk the talk, as that is what seriously missing in Sri Lanka..Hopefully your writing will inspire more younger people to get involve in making Sri Lanka a better place.. As a researcher living in US, there are many able Sri Lankans who will serve the country in a heartbeat given an opportunity.. But these intellectuals must be given space to work independently, rather than working under dumbass politicians…

    PS: I see that you study at Bennington College which is close to where my family is located (Troy, NY). And there is a Sri Lankan gathering in Albany this weekend (August 1st) and if you are around you are more than welcome to participate.. Sri Lankan community will be thrilled to meet the youngest State Literary Award recipient from Sri Lanka.. keep writing and best wishes for your education..

  9. So touching, and I wish you all the best.
    As a Sri Lankan working in England in the education sector I always think about the education system in Sri Lanka and how it can be reformed, not only through the introduction if English but more vocational focused as well.
    I hope you’d be able to work in Sri Lanka one day to influence the system. May the triple gem bless you.

  10. ලක් මවගේ දිරිය දියණියට මගේ සුභ පැතුම්””””!………………

  11. ඔබ හදවතටම ආමන්ත්‍රණය කර තිබේ. එසේ වුව ද හැගීම්වලින් ආවේශ නොවී බුද්ධියෙන් විමසා ලියන්නට ද ඔබට හැකිව තිබේ.

    ඊනියා දේශප්‍රේමයක පැටලී ඉංගිරිසියට ඇමරිකාවට බටහිරට පිටු පෑමට අපේ තරුණ තරුණියන්ට උගන්වන වකවානුවක ඔබට ඉන් මිදීමට හැකි ව තිබේ. ඒ රටවලින් ඉගෙන ගන්නා ලෝකයට විවෘතවන්නට ඒ තුළින් අපේ රට දෙස නැවත බලන්නට ඔබට හැකි ව තිබේ.

    වඩාත් ලස්සණ ඔබ ඉංග්‍රීසියෙන් උගෙන ගත්ත ද සිංහලෙන් ඉතා හොඳින් ලියන්නට ද හැකි වීම ය. ඊනියා දේශප්‍රේමීන්ට ඉංග්‍රීසි පමණක් නොව සිංහල ද ඔබ මෙන් හැසිරවීමට බැරි ය.

    තවදුරටත් ලස්සණ ඇමරිකාවේ ඉගෙන ගන්නා අතර මව්බිම ගැන තිබෙන හැගීම නොනැසී පවත්වා ගැනීම ය. ලංකාවේ ජීවත්වීමට හැකිවනු පිණිස මේ රට නැවත හදා ගැනීමට ද සිතීම ය. ඒ සඳහා අවංක උත්සහයක නිරත වීම ය.

    බොහෝ දෙනෙකුට මේ අන්තයන් එක් කරගන්නට බැරි ය. ඔබ ඒ ඉම ජයගෙන තිබේ. ඔබට හා ඔබේ ඉදිරි අරගලයට සුභ පතමි.

  12. Duwa, Have a great day ! You are an inspiration not only to young generation but also the senior citizens like mine. The vision you have developed in your character is absolutely commendable. You deserve my felicitations.

  13. It is a joy to read and get to know that literate youngsters like yourself, are speaking out loud and putting your opinions forward; opinions that generate discourse and provoke thoughts among fellow young generation on greater good. It is high time that youngsters like yourself should do it more often.

  14. i think your thoughts are grate and their some new thoughts to think about new ways to look about national problems and some are eye openers to me thank you for that,

  15. I genuinely feel hopeful about the future of Sri Lankan politics after reading your thoughts. let your thoughts alive more and more…convert it to actions. all the very best!

  16. After all those years spent in the West, you haven’t forgotten your mother tongue. That is what that makes you really special. I don’t have the Sinhala font and that’s why I’m commenting in English.

  17. දීර්ග සීත කාලය නිමා කරලා ලන්කාවේ අනාගතයට වසන්තය උදාවෙන්නයි යන්නේ…ඒ මොකද තාරුන්‍යයේ හිරු කිරන මේ පොලොව මත පතිත වෙන්න පටන් අරගෙන තියෙන නිසා.. proud of u

  18. Reading your article filled me with strength & gave me hope at a time when we are living in a dishonest, tyrannical, shortsighted, selfish & self-centred political landscape

  19. Akki, your writing inspired me a lot… The way you’ve written this, it’s so touching!…..I too had the same situation as you, since my father is also an army officer! I’m even glad that I had met you and talked with you before, and thanks a lot for encouraging the youth…we indeed need people like you who could lead our country. You are so courageous & ambitious! I would like to wish you for a very bright future! Best of luck on your studies! – nangi Kusumindi-

  20. I’m proud of you sister. I really appreciate your effort. I hope that you would be able to achieve the goal in your dream. I wish you good luck and please keep on writing like this. You know the art of writing and how to talk to the hearts of people. Keep it up!!!!

  21. Pingback: මම මා වීම. (BECOMING ME.) - THISURI WANNIARACHCHI - Yukthiya : Yukthiya

  22. Best wishes for a beautiful future you deserve to see. 🙂

    ඔබ දැකිය යුතු සොඳුරැ අනාගතය දකින්නට ලැබුමට සුබ පැතුම්. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s