මනුශ්‍යත්වයට ආදරයෙනි.

මෙම ලිපිය ලියන්නේ මගේ පුද්ගලික වාසියකටවත්, දේශපාලන අභිමතාර්ථ​, තර්කයින් මවාපාන්නටවත් නොව,  මනුශ්‍යත්වයට ආදරයෙනි.

රටේ මාධ්‍ය අවධානය යොමු වන ඕනෑම අපරාධ​යක් සිදුවු විට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කලයුතු බවට රාවයක්, කොලහලයක් කිරීම අපේ පුරුද්දකි.  මේ සංවාදයේ ඈති අමානුශික විතර්කානුකූලත්වය අපි තේරුම්ගත යුතුවේ.  

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සහය පල කරන අයගේ තර්කය මට තේරුම්ගත හැකිය. මේ මතය දරන්නන්ගේ තර්කය සහමුලින්ම කෝපය නිසා ඈති වු එකකි. එය සාධාරණ කෝපයකි. එහෙත් හැඟීම්වලට වහල්වී නීතිය හසුරුවන්නට අපිට නොහැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.

නීතිය යනු සාධාරණයේ තරාදියකි.දඬුවමේ බර අපරාධයේ බරට සමාන විය යුතුය. එහෙත් බර සමානකරනයේදි පාවිච්චි කරන විචල්‍යයන් නිර්වචනය කල හැකි විචල්‍යයන් විය යුතුය. මරනය යනු අපි තවමත් අත්දෑක නෑති දෙයකි. එහි ගැඹුරවත් සීමාවන්වත් අපි නොදන්නෙමු. එසේනම් අපිට නිර්වචනය කල නොහෑකි දන්ඩුවමක් අන් අයෙකුට නියම කිරීමට අප හට අති බලය කුමක්ද? එහි ඈති සාධාරණය කුමක්ද? මරණ දඬුවමට සහය දෙන්නන් ප්‍රජාතන්ත්‍රවාදය සහයට පල කිරීම එකිනෙකට පටහැනි, දෙගිඩියාසහගත සිදුවීමකි.

තවද​ පර්‍යේශන වලින් තහවුරුවී තිබෙනවා, මරණ දඬුවම අනාගත ඝාතන අඩු කිරීමට  නිවාරකයක් නොවන බව. එමෙන්ම​ මරණ දඬුවම විරුද්ධ බලපෑමක් ඇතිකරන බවත් පර්‍යේශන පැහැදිලිව පෙන්නුම් කරනවා: එනම්,  මරණ දඬුවම භාවිතා කරන සමාජයන්හි වැඩි ඝාතනය සම්භාවිතාවක් ඇති බව​ පෙන්නුම් කරනවා.උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ගතොත්,තොත් එහි විවිධ ප්‍රාන්තවලට විවිධ  විවිධ දණ්ඩ නීති කේත ඇත​. මරන දන්ඩණය ඇති ප්‍රාන්ත වල වැඩි ඝාතන සංඛ්‍යාවක් පර්‍යේශන පෙන්නුම් කරයි. ඒ වගේම, එක්සත් ජනපද හා සමාන රටවල් සාපේක්‍ෂව ගත් කල, මරණ දඬුවම ඇති එක්සත් ජනපදයේ මරණ දඬුවම භාවිතා නොකරන යුරෝපයේ හෝ කැනඩාව වැනි රටවල් වලට වඩා වැඩි ඝාතනය ප්‍රමානයක් ඇත​.

පටු හැඟීම්වලට වහල්වී රටේ ඉදිරිය ගැන තීරණගත් ඉතිහාසයකට අපි උරුමකම් කියන්නෙමු. යුද්ධයින් ප්‍රශ්න විසඳිය​ හැකිය යන්න විශ්වාස කරපු කාලයක්ද අපේ රටට තිබුනි. එහෙත් ප්‍රශ්න විසඳිය​ හැක්කේ යුද්ධයින් නොව සන්හිඳියාවෙන් බව තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතා බහුතරයක් අපේ රටේ ජීවත්වන  බව පසුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලි විය. හැඟීම්වලට වහල්වී නීතිය හසුරුවන්නට පෙලබෙන සමාජ කොට්ඨාශයක් තවමත් අපේ රටේ සිටිති. මිනීමෑරුම් කිහිපයකට වෑරදිකරු ලෙස ඔප්පුවු යුධ සෙබලෙකුට මරණීය දන්ඩනය පෑනවීම පිලිබන්දව ජාතිවාදී හැඟීම්වලට වහල්වී කොපයට පත්ව සැලකිය යුතු මිනිසුන් ප්‍රමානයක් මෑතකදී නටපු නෑටුම එයට හොදම නිදසුනකි.

සිරගෙවල් කෙමෙන් කෙමෙන් විශෝධන හා පුනරුත්ථාපන ආයතන බවට පත් කිරීම පිලිබදව සිතීමට කාලය​  පෑමිණ ඈත. මිනිසුන්ට, තිරිසන්සතුන්ට මෙන්, සිර කොට වදදී, හො එල්ලුම් ගස් යවා  ප්‍රශ්න විසදු යුගය අවසන් කිරීමට කාලය එලඹ ඈත. අපි පරිනාමයෙන් ඔබ්බට ගිය, ශිෂ්ටසම්පන්න, මිනිස් වර්ගක් ලෙස මරනීය දන්ඩනය වෑනි යල්පැනගිය විසදුම් වලින් ඈත් වෙමු. මිනිසුන්ට මිනිසුන් ලෙස සලකමු. වැලිකඩ බන්ධ​නාගරය ඉදිරිපිට සදහන්ව ඈති මෙන් “සිරකරුවෝද මනුශ්‍ය​යෝය.”

අපරධකරුවෝද මනුශ්‍ය​යෝය. විනය ගරුක සමාජයක් ගොඩ නැගිය හෑක්කේ දඬුවමින් නොව පෝශනයෙනි, අධ්‍යාපනයෙනි, මානසික පුනරුත්ථාපනයෙනි,. දඩුවම වෙනුවට පුනරුත්ථාපනය විසදුම කරගනිමු. මනුශ්‍යත්වයට ප්‍රමුඛත්වය​ දෙමු.

මිනිසුන් ඝාතනය කිරීම නරක බව කියාදීමට​ මිනිසුන් ඝාතනය කරන මිනිසුන් ඝාතනය කිරීමෙන් ඵලක් නැත​.

 

Advertisements

6 thoughts on “මනුශ්‍යත්වයට ආදරයෙනි.

  1. Capital punishment is only a form of tribal retribution, that a civilization boasting a culture of thousands of years should be above…

  2. එක්කෝ මරන දඬුවම දීම නීතියෙන්ම නැවතිය යුතුය. නැතිනම් අධිකරනයෙන් දෙන මරන දඬුවම වැරදි කරුට ලබා දිය යුතුය.

  3. “මිනීමැරීමට පිළියම මිනීමැරීම නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නයි ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය. Death penalty is the barbarian’s solution to prevent murders” යනුවෙන් මා ෆෙස්බුක් එකේ කළ ප්‍රකාශයකට සහ එවැනි වෙනත් අය ලියූ දේවලට ලැබී තිබුණු ප්‍රතිචාරවලින් මට තේරුණේ- ලෙයට ලෙය, ඇසට ඇස ඉල්ලන ගල් යුගයේ මිනිසුන් වගේ තමයි අදත් ලංකාවේ ඉන්නා බහුතරයක් පිරිස කියායි!

  4. Thisuri, I am a big admirer of you and your writing. I do not have enough ammunition to support that I am in favour of death penalty other than the simple view that when people know that if they get caught killing another human being, they will be sentenced to death penalty and this may inflict fear before they actually commit this act. However, do tell me, when a man takes the life of another human being, be that may be as in the case of the little girl recently and the sportsman who was killed and his vehicle burned to mislead evidence, and many such brutal and heinous murders that have taken place in the recent times, one wonders if that’s not justification enough…??

  5. Hello Thisuri, I have known you since Montessori with my Daughter and am proud and happy to see what you’ve become! 🙂

    I am sharing a lot of thoughts with you and the ‘public domain’ as I believe they all are inter-related.

    I agree with you and it is also one of my campaigns. I am totally against Capital Punishment in all forms. Sri Lankans (the world?) have forgotten humanity and good/God caused by the post-war euphoria (our ‘leaders’ who wanted to go to the Moon did not help the cause). Another thing many Sri Lankans have forgotten is that we had a bloody War since 1983 and that has taken a toll on Sri Lankans – businesses and mental health, so when the War ended all Sri Lankans should have been encouraged to undergo ‘counselling’ and debts, etc. should have been forgiven/helped, but instead, we, the majority, got a ‘superiority complex’ and those in ‘power’ became more greedy. Since the war ended I have seen many News items where people were mutilated over land-deals, cash deals, etc. I received an email where a man was murdered because he ‘trespassed’ (lets also not forget the Late Mr. Lasantha Wickramatunga, whom I knew personally, and other journalists who pay the ‘ultimate price’ in search of truth) (but child molestation has me questioning my stance – sadly – especially when just two days ago a 2 year old, in the country I live in now, underwent the same plight – it is also believed to be a money thing).
    When the War ended the country saved over US$ 50Million per month plus other costs and a whole region opened up for business… what we could have done for Sri Lankans (all kinds) with that kind of money and opportunity, and what we failed to do, baffles me!. I must add, I never condoned the sharing of the pictures of the LTTE terrorist leader’s mutilated body. All these cause us to lose respect for our fellow human beings. Like you say, lets teach our people to be more humane and religious and not be just money/wealth conscious.
    I have not been to Sri Lanka since 2008, but I still do have family, friends and business associates there, and my friends who visit SL from Europe/North America/Asia. The common rhetoric is ‘Sri Lanka is nice and clean but the people are money crazy and everything is expensive’. Having said that, the previous regime had faults but also did some good… I trust the new regime will continue the good (of the previous regime), not harp on the bad, and do better (I still have faith in Hon. RW – if anybody can do it he can – Hon. MS seems to be a great leader/person too – although I have not had the pleasure of meeting/dealing with him)! Sri Lanka had many opportunities: 1948, 1977, 2009 and now 2015. We seem to ‘miss the bus’ every time!

    One more point, you have seen the world, you know that the world has enough resources for at least another 21Billion people… so the ‘shortage’ is created by ‘the greedy/economists’ and the average citizen should be made to realize it…

    Keep up the good work and kind regards to you and your Mom, Dad and rest.
    (I am sure, you will be able to guess who this is :))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s