ඇගේ ගමන ඇය යනු ඇත

නිදහස නම් උගත්, ශක්තිමත් ගැහැනියක් වැනිය. ඇය සමාජයට නොරුස්සන සුලුය. සමාජය කැමති ගැහණුන් සුමුදුය, සුකුමලය, අහිංසකය. තටු  සිනිදු සමනළී පිරිමින්ට දෙවැනිය පරිස්සම් කල යුතුය. එහෙත් ඇය; ඇය එසේ නොවේය. ඔබේ වෛරයට පබැඳු කටකතාවලට ශක්තිමත් ඇගේ තටු කැපිය නොහැකිය ‘තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා’ ඇගේ බුද්ධිය, මතු මතුත් රැකෙනු ඇත. ඇය  එඩිතරය. බලවත්‍ ය. පිරිහුනු සමාජයේ හිරිහැර, අපයෙදුම් නොපෙනෙනා නොදැනෙනා මානයකට උගත්කමේ ශක්තියත් කැටුව ඇගේ ගමන ඇය යනු … Continue reading ඇගේ ගමන ඇය යනු ඇත

මනුශ්‍යත්වයට ආදරයෙනි.

මෙම ලිපිය ලියන්නේ මගේ පුද්ගලික වාසියකටවත්, දේශපාලන අභිමතාර්ථ​, තර්කයින් මවාපාන්නටවත් නොව,  මනුශ්‍යත්වයට ආදරයෙනි. රටේ මාධ්‍ය අවධානය යොමු වන ඕනෑම අපරාධ​යක් සිදුවු විට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කලයුතු බවට රාවයක්, කොලහලයක් කිරීම අපේ පුරුද්දකි.  මේ සංවාදයේ ඈති අමානුශික විතර්කානුකූලත්වය අපි තේරුම්ගත යුතුවේ.   මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සහය පල කරන අයගේ තර්කය මට තේරුම්ගත හැකිය. මේ මතය දරන්නන්ගේ තර්කය සහමුලින්ම කෝපය නිසා ඈති වු එකකි. එය … Continue reading මනුශ්‍යත්වයට ආදරයෙනි.

මම මා වීම. (Becoming me.)

1994දී තාත්තා උතුරු නැගෙනහිර සේවයට යන විට මට වයස මාස හයකි. අයියාට අවුරැදු දෙක ලැබුවා පමණි. සමහර විටෙක ඔහුට මසකට වරක්වත් ගෙදර ඒමට නොලැබුනි. අම්මා ඇගේ රැකියාව කරන ගමන් අයියාවත්, මාවත් තනිවම හදාවඩා ගත්තාය.  එවිට පනාගොඩ හමුදා නිල නිවාසයක ජීවත් වුනු අපි ඉතා අහිංසක,පුංචි පවුලක් වුනෙමු.  තාත්තාට කලාතුරකින් ගෙදර ඒමට ඉඩ ලැබුනු විට අයියාටත් මටත් වැඩිය සතුටූ වුණේ අම්මාය. ඇය තුල වූයේ සතුටටත් වැඩිය සැනසීමකි.  ඔහුගේ රැකියාවේ භයාණකකම දැන … Continue reading මම මා වීම. (Becoming me.)